24/7 VOLUNTEER SNAKE RESCUE NETWORK: සර්පයෙකු දුටු විගස ඔබගේ දිස්ත්‍රික්කයේ ආරක්ෂකයා අමතන්න
📌
ස්වේච්ඡා සේවාව • Voluntary Service

සටහන / Notice / முக்கிய அறிவிப்பு

මෙය කිසිඳු ලාභ අපේක්ෂාවකින් තොරව නිස්සරණාධ්‍යාශයෙන් සිදුකරන ස්වේච්ඡා ක්‍රියාවක් වේ. නමුත් මෙම සේවාව අඛණ්ඩව පවත්වාගෙනයාම සඳහා අදාළ සර්ප ආරක්ෂකයින් හට ඔවුන්ගේ කැමැත්ත අනුව සාධාරණ ප්‍රවාහන ගාස්තුවක් හෝ අනුග්‍රහයක් ලබාගැනීමට ඇති අයිතිය අපි පිළිගනිමු. සර්පයා ආරක්ෂිතව ඉවත් කර අවට සුදුසු ස්වාභාවික පරිසරයකට මුදාහැරීමට කටයුතු කරනු ලැබේ.
EN This is a purely voluntary, non-profit humanitarian service. However, to sustain this emergency service continuously, we acknowledge the right of volunteer snake catchers to receive a reasonable transport fee or voluntary token of appreciation at their discretion. Captured snakes are safely removed and relocated into suitable natural habitats nearby.
TA இது எவ்வித இலாப நோக்கமுமின்றி முற்றிலும் தொண்டுள்ளத்துடன் முன்னெடுக்கப்படும் ஒரு தன்னார்வ சேவையாகும். எனினும், இச்சேவையை தொடர்ச்சியாக முன்னெடுப்பதற்கு தன்னார்வலர்கள் தங்களது விருப்பத்திற்கேற்ப நியாயமான போக்குவரத்து கட்டணத்தையோ அல்லது அன்பளிப்பையோ பெற்றுக்கொள்வதை நாம் ஏற்றுக்கொள்கிறோம். பாம்பு பாதுகாப்பாக மீட்கப்பட்டு அருகிலுள்ள பொருத்தமான இயற்கை சூழலில் விடுவிக்கப்படும்.
අප ගැන බිඳක් • OUR STORY & MISSION

Protecting Sri Lanka’s Snakes,
Safeguarding Human Lives.

"සර්පයන් ද පරිසරයේ කොටසකි, ඔවුන්ට ද ජීවත් වීමට අයිතියක් ඇත."

Founded on October 25, 2020, Snake Protectors Sri Lanka is an islandwide voluntary initiative uniting certified snake handlers, wildlife scientists, and community volunteers across all 25 districts of Sri Lanka to mitigate human-snake conflicts safely and humanely.

Snake Protectors Sri Lanka

Official Voluntary Wildlife Rescue & Conservation Network

2020 Inception
25 Districts
100% Non-Profit
🗺️
25
Administrative Districts
100% Islandwide Coverage
🛡️
150+
Volunteer Handlers
Trained & Active Rescuers
🐍
21+
Documented Species
Venomous & Harmless Profiles
🌿
20,000+
Community Reached
Thousands of Lives Saved

Why Snake Protectors Exists

Bridging the gap between human safety and reptile preservation through compassionate action and scientific knowledge.

🏥

Human Safety & Snakebite Mitigation

ජනතාව සර්ප දෂ්ඨන වලින් ආරක්ෂා කිරීම

Sri Lanka experiences one of the highest snakebite burdens globally. By offering direct contact numbers for local volunteer catchers, we eliminate perilous confrontations, saving human lives and avoiding traumatic bite injuries.

✓ 24/7 Response Hotline
🌿

Reptile Biodiversity Conservation

මෙරට සර්ප සම්පත රැකගැනීම

Snakes play a vital role in balancing ecosystems and controlling rodent populations in agriculture. We rescue and safely relocate snakes into natural jungle habitats, preventing needless killing of harmless and venomous species.

✓ Safe Habitat Relocation
🔬

Scientific Education & Myth Busting

විද්‍යාත්මක දැනුවත් කිරීම හා මිථ්‍යා මත දුරලීම

Equipping the public with verified identification guides, authentic hospital-approved first aid procedures, and dispelling age-old superstitions through modern digital taxonomy and AI assistants.

✓ AI Snake Identification
📜 ඉතිහාසය හා ගමන් මග

අප ගැන බිඳක් (The Origin Story)

ශ්‍රී ලංකාවේ ජනතාව සර්ප දෂ්ඨන වලින් බේරාගැනීමේ හා මෙරට සර්ප සම්පත රැකගැනීමේ අරමුණ පෙරදැරිව එම කටයුත්ත සඳහා ස්වේච්ඡාවෙන් කැපවූ සර්ප ආරක්ෂකයින්ගේ නාමාවලියක් සකස් කිරීම සඳහා මුලින්ම අදහස පහළ වන්නේ 2020 වර්ෂයේදීය.

එහි ප්‍රතිපලයක් ලෙස letsprotectsnakes.blogspot.com නමින් බ්ලොග් අඩවියක දිවයින පුරා විසිරී පැතිරුණු සර්ප ආරක්ෂකයින්ගේ දුරකථන අංක සහිත නාමාවලිය මුලින්ම ප්‍රකාශයට පත් කෙරුණේ වර්ෂ 2020 ඔක්තෝබර් විසිපස් වැනිදාය.

දෙවසරක් තුල එම බ්ලොග් අඩවිය නැරඹුම් වාර 20,000 ක් ඉක්මවා අත්කරගෙන තිබූ අතර දිවයින පුරා විවිධ ප්‍රදේශවල සර්පයින් දහස් ගණනකගේ ජීවිත සුරක්ෂිත කිරීමට එමගින් හැකියාව ලැබෙන්නට ඇතැයි අප විශ්වාස කරමු. තමන්ගේ ජීවිත පවා අවධානමේ හෙලාගනිමින් එසේ දිවයින පුරා දිවා රෑ නොබලා සර්පයින්ගේ ජීවිත ආරක්ෂා කරගැනීමට කැපවූ සර්ප ආරක්ෂකයින් මෙම වෑයමේ ප්‍රධාන කොටස් කරුවෝ වෙති.

එසේම මෙම බ්ලොග් අඩවිය යාවත්කාලීන කරමින් සහ එය ජනතාව අතර ප්‍රචලිත කරමින් මෙම කාර්යයට දායකවූ සමාජ මාධ්‍ය ජාලා වල සර්පයින් පිළිබඳ ක්‍රියාකාරී සමූහ වල ඇඩ්මින්වරුන්, ලලින්ද බණ්ඩාරයන් සහ මා ප්‍රිය බිරිඳ චේතිකාද මෙහිදී සිහිපත්කළ යුතුය.

“

දෙවසරක ඇවෑමෙන් මෙම දත්ත පද්ධතිය වෙබ්අඩවියක් බවට පත්කිරීමට මග පෑදෙන්නේ MDP Network ප්‍රධානී මලිත් පෙරේරා මහතාගේ අවධානය මේ වෙත යොමුවීමත් සමගය.

ඒ සඳහා මග පෑදුණේ දිවයිනේ ඉතා ප්‍රකට සර්ප ආරක්ෂකයෙකු සහ සර්පයින් ඇල්ලීමට පිළිබඳ පුහුණුකරුවෙකු වන හබරණ ජෙගනාදන් මහතා මුල් බ්ලොග් අඩවියේ දිගුව මලිත් මහතාට සර්පයෙකුගේ ජීවිතයක් බේරා ගැනීම සඳහා ලබාදීමෙනි. එමගින් මෙම ක්‍රියාව පිළිබඳ පැහැදී කිසිඳු මූල්‍ය ප්‍රතිලාභයක් නොලබා මෙම වෙබ්අඩවිය නිර්මාණය කිරීමේ සහ සත්කාරකිරීමේ කටයුත්ත MDP Network මූලිකත්වයෙන් සිදුකිරීමට MDP Network ප්‍රධානී මලිත් පෙරේරා මහතා භාර නොගන්නට මෙම වෙබ්අඩවිය යතාර්ථයක් නොවන්නට බොහෝ දුරට ඉඩ තිබුණි.

තවද මෙම වෙබ්අඩවියේ නිර්මාණකරු වෙබ් අඩවි සංවර්ධන නිලධාරී ඉමේෂ පෙරේරා මහතාගේ කැපවීමද මෙහිදී අගයකළ යුතුය. එමෙන්ම මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා තම උපදෙස් හා සහාය නොමසුරුව ලබාදෙන ප්‍රවීණ උරග හා උභයජීව විද්‍යාඥ සුරංජන් කරුණාරත්න මහතාටද කෘතවේදීත්වය පිරිනමමු.

🌟 ශ්‍රී ලංකාවේ ජනතාව සර්ප දෂ්ඨන වලින් ආරක්ෂාවීමට හා අපේ රටට උරුම ඉතා වටිනා සත්ත්ව සම්පතක් වන සර්පයින්ගේ ජීවිත සුරක්ෂිතවීමට මෙම වෙබ්අඩවිය සුළු හෝ දායකත්වයක් ලබා දෙන්නේ නම් අප සියලු දෙනාගේ සතුට එයයි.

The People Behind the Movement

A collective effort of passionate scientists, technologists, experienced handlers, and community organizers.

Convener & Founder
🌿

සුපුන් ළහිරු ප්‍රකාශ්

Supun Lahiru Prakash

Biodiversity researcher and conservation advocate. Founder of the initiative and Convener of the Biodiversity Conservation & Research Circle of Sri Lanka.

Rescuer & Trainer
🐍

හබරණ ජෙගනාදන්

Habarana Jeganathan

Renowned Sri Lankan snake rescuer, educator, and master handler trainer whose field leadership inspired the digital transformation of this network.

Sponsor & Host
💻

මලිත් පෙරේරා

Malith Perera (CEO, MDP Network)

CEO of MDP Network. Benevolently sponsored the entire creation, infrastructure, and server hosting of the Snake Protectors portal free of charge.

Scientific Advisor
🔬

සුරංජන් කරුණාරත්න

Suranjan Karunarathna

Leading Sri Lankan herpetologist & wildlife researcher providing expert scientific taxonomic validation, identification keys, and ecological insights.

Web Developer
⚙️

ඉමේෂ පෙරේරා

Imesha Perera (MDP Network)

Web Development Officer at MDP Network. Dedicated software developer responsible for the architectural implementation of the web portal.

Volunteer Network
🤝

Islandwide Rescuers

දිවයින පුරා සර්ප ආරක්ෂකයින්

Dozens of courageous men and women across all 25 districts who risk their personal safety day and night to respond to household snake emergencies.

From A Simple Blog To A National Platform

October 25, 2020

Launch of letsprotectsnakes.blogspot.com

The first public directory of volunteer snake catchers was published online to offer citizens immediate rescue contact numbers during household snake emergencies.

2021 – 2022

Surpassing 20,000+ Citizens Reached

With support from active wildlife social media community admins, Lalinda Bandara, and volunteer handlers, the blog saved thousands of snakes and prevented dozens of snakebites.

Late 2022

MDP Network Partnership & Web Transformation

Habarana Jeganathan connected the initiative with Malith Perera (CEO, MDP Network), who undertook full free development and hosting under web developer Imesha Perera.

2023 – Present

SnakeProtectors.com with 25-District AI Infrastructure

Transitioned into a modern emergency dispatch platform featuring real-time catcher search by district, AI snake photo identification, instant emergency ticketing, and educational guides.

📌

ස්වේච්ඡා සේවය හා සාධාරණ ප්‍රවාහන අනුග්‍රහය පිළිබඳ ප්‍රතිපත්තිය

Voluntary Humanitarian Service & Fair Transport Policy

මෙය කිසිඳු ලාභ අපේක්ෂාවකින් තොරව නිස්සරණාධ්‍යාශයෙන් සිදුකරන ස්වේච්ඡා ක්‍රියාවක් වේ. අපගේ සර්ප ආරක්ෂකයින් තමන්ගේ වටිනා කාලය, ඉන්ධන වියදම හා ජීවිත පවා අවධානමේ හෙළමින් දිවා රෑ නොබලා මෙම උදාර සේවාව සපයයි.

මෙම සේවාව අඛණ්ඩව පවත්වාගෙනයාම සඳහා අදාළ සර්ප ආරක්ෂකයින් හට ඔවුන්ගේ කැමැත්ත අනුව සාධාරණ ප්‍රවාහන ගාස්තුවක් හෝ අනුග්‍රහයක් ලබාගැනීමට ඇති අයිතිය අපි පිළිගනිමු. සර්පයා ආරක්ෂිතව අල්ලාගත් පසු සුදුසු ස්වාභාවික වනාන්තර පරිසරයකට නිදහස් කරනු ලැබේ.

Note for English speakers: All rescues are carried out voluntarily to protect both human and wildlife lives. As handlers travel on their own vehicles with rescue equipment, homeowners are kindly requested to provide a reasonable travel allowance or token of support if requested.
📸

Photography & Taxonomy Credits

We extend our sincere appreciation to D.M.S. Suranjan Karunarathna and Kalana Weerakkodi for providing high-resolution reptile photographs, taxonomic data, and educational guidance across Sri Lanka.

Help Us Protect Sri Lanka's Wildlife

Whether you need emergency snake removal, wish to identify an unknown reptile, or want to register as a certified district handler, we are here for you.

SHARE
💬 📘 𝕏 ✈️
Link copied to clipboard!